නන්දිකඩාල් කලපුව කියන්නෙ අපේ මිනිස්සුන්ගෙ
ජයග්‍රාහී භූමියක්. ඒක මොන වගේ තැනක්ද කොහේ තියෙනවද කියල නොදන්න අයත් ඒක ගැන නිතරම
කියවනව ඈත ගම්දනව් වල පවා.
පහුගිය කාලෙ ලංකාවෙ ජනප්‍රියම ස්ථානය
වුණේ නන්දිකඩාල් කලපුවයි.
ඒක හරි,
එතනින් එක යුගයක් අවසන් වුණා. අලුත්
යුගයක් පටන් ගත්ත.
ඒත් ඒ අලුතින් පටන් ගත්ත යුගය, අතර
මැද පටන් අරන් අවසන් වුණු යුගයට පෙර පැවැති යුගය බවට පත්විය යුතු බව යහපත්
මිනිස්සුන්ගේ ප්‍රාර්ථනයයි.
ඒ ප්‍රාර්ථනය සිහිනයක් නොවී සැබෑවක්
වෙනු දකින්න හැකිනම් මේ රටේ මිනිස්සු වාසනාවන්තයි.
ඒ සංක්‍රාන්ති සමයෙන් ඔබ්බට අපිට දැන්
අලුත් සිහිනයක් තිබිය යුතුයි. ඒ සිහිනය සුනිල් එදිරිසිංහයන්ගේ මුවින් ගැයෙන්නේ
මෙලෙසිනි. මේ ගීතය ඇසුණත් මෙහි පදවැලේ තියෙන ඒ ප්‍රාර්ථනයේ සුන්දරත්වය නැවත වරක්
විමසා බලනු වටියි.
නන්දිකඩාල් කලපු දියේ සඳ දියවෙනවා
බලන්න
චුන්ඩිකුලම් තුරු මඩලින් ඉර පායනවා
බලන්න
සයිවර් කඩයක ඉඳගෙන දෙමළ සිංදුවක්
අහන්න
අපි ආශයි ඔබත් එක්ක ජීවිතයම බෙදා
ගන්න...
ඉරණමඩුවෙ වැව වාගේ සෙනෙහස උතුරලා යන්න
අරියාලේ තුඩුව ළඟින් පරණ පාර අලුත්
වෙන්න
සංගිලියෙත් නාඩගමෙත් මෘදංග ගී නද
අහන්න
අයියකච්චියේ ළිංවල පිරිසිදු පැන්
පොඳක් බොන්න...
ගිනිගත් තල් කරටි වලට වැහිදිය අහුරක්
හෙලන්න
නව දඵලන මනුස්සකම අතු ඉතිලා පැතිර
යන්න
නල්ලූර් කෝවිලේ ශුද්ධ මුරුගන් දෙවියනි
අහන්න
එක්ව නගන සීනු හඩින් කරුණා ගගූලක්
ගල්න...
ගී පද - ගයා රම්‍ය ද අල්විස්
ස්වර රටා - අසේල බණ්ඩාර
ඒ ප්‍රාර්ථනයට මෙතනින් සවන් දෙන්න.
කලාකරුවන්ගේ සමාජ වගකීම මනුෂ්‍යත්වයට
ඇමතීම මිස පටු පක්ෂපාතීත්වය වෙනුවෙන් සමස්ත මනුෂ්‍යත්වය බෙදීමට හවුල් වීම නොවේ.
එහෙත් අද ලංකාවෙනම් බහුතර කලාකරුවන් අතින් එය සිදු වන්නේද යන්න ප්‍රශ්ණගත කරුණක්
තමයි.
ප.ලි. සුනිල් එදිරිසිංහයන්ගේ අවසානයට
නිකුත් වූ ගී සරණිය වන “මල් වැහි පොඳ” හිරිකිතයක් නැතුව අහන්න පුඵවන් ගී සරණියක් බව කිව
යුතුයි. එහෙත් මාධ්‍ය වල තවම ප්‍රචාරය
වෙන්නේ එහි ඇති එකක් දෙකක් ගීත විතරද කියලත් හිතෙනව. එක අතකින් කළාකරුවෙක්ගේ වෙහෙස
මහන්සියට සීඩී තැටියක් විකුණ ගන්න එසේ ප්‍රචාරය නොවීමත් හොඳක් වෙයි. ඒ වගේම මෙම
ගීත උසස් මට්ටමින් ශ්‍රවණය කරන්න “මල් වැහි පොඳ” සීඩී තැටියක්ම මිළදී ගත යුතු බවද කිව යුතුය.
