නන්දිකඩාල් කලපුව කියන්නෙ අපේ මිනිස්සුන්ගෙ
ජයග්‍රාහී භූමියක්. ඒක මොන වගේ තැනක්ද කොහේ තියෙනවද කියල නොදන්න අයත් ඒක ගැන නිතරම
කියවනව ඈත ගම්දනව් වල පවා.
පහුගිය කාලෙ ලංකාවෙ ජනප්‍රියම ස්ථානය
වුණේ නන්දිකඩාල් කලපුවයි.
ඒක හරි,
එතනින් එක යුගයක් අවසන් වුණා. අලුත්
යුගයක් පටන් ගත්ත.
ඒත් ඒ අලුතින් පටන් ගත්ත යුගය, අතර
මැද පටන් අරන් අවසන් වුණු යුගයට පෙර පැවැති යුගය බවට පත්විය යුතු බව යහපත්
මිනිස්සුන්ගේ ප්‍රාර්ථනයයි.
ඒ ප්‍රාර්ථනය සිහිනයක් නොවී සැබෑවක්
වෙනු දකින්න හැකිනම් මේ රටේ මිනිස්සු වාසනාවන්තයි.
ඒ සංක්‍රාන්ති සමයෙන් ඔබ්බට අපිට දැන්
අලුත් සිහිනයක් තිබිය යුතුයි. ඒ සිහිනය සුනිල් එදිරිසිංහයන්ගේ මුවින් ගැයෙන්නේ
මෙලෙසිනි. මේ ගීතය ඇසුණත් මෙහි පදවැලේ තියෙන ඒ ප්‍රාර්ථනයේ සුන්දරත්වය නැවත වරක්
විමසා බලනු වටියි.
නන්දිකඩාල් කලපු දියේ සඳ දියවෙනවා
බලන්න
චුන්ඩිකුලම් තුරු මඩලින් ඉර පායනවා
බලන්න
සයිවර් කඩයක ඉඳගෙන දෙමළ සිංදුවක්
අහන්න
අපි ආශයි ඔබත් එක්ක ජීවිතයම බෙදා
ගන්න...
ඉරණමඩුවෙ වැව වාගේ සෙනෙහස උතුරලා යන්න
අරියාලේ තුඩුව ළඟින් පරණ පාර අලුත්
වෙන්න
සංගිලියෙත් නාඩගමෙත් මෘදංග ගී නද
අහන්න
අයියකච්චියේ ළිංවල පිරිසිදු පැන්
පොඳක් බොන්න...
ගිනිගත් තල් කරටි වලට වැහිදිය අහුරක්
හෙලන්න
නව දඵලන මනුස්සකම අතු ඉතිලා පැතිර
යන්න
නල්ලූර් කෝවිලේ ශුද්ධ මුරුගන් දෙවියනි
අහන්න
එක්ව නගන සීනු හඩින් කරුණා ගගූලක්
ගල්න...
ගී පද - ගයා රම්‍ය ද අල්විස්
ස්වර රටා - අසේල බණ්ඩාර
ඒ ප්‍රාර්ථනයට මෙතනින් සවන් දෙන්න.
කලාකරුවන්ගේ සමාජ වගකීම මනුෂ්‍යත්වයට
ඇමතීම මිස පටු පක්ෂපාතීත්වය වෙනුවෙන් සමස්ත මනුෂ්‍යත්වය බෙදීමට හවුල් වීම නොවේ.
එහෙත් අද ලංකාවෙනම් බහුතර කලාකරුවන් අතින් එය සිදු වන්නේද යන්න ප්‍රශ්ණගත කරුණක්
තමයි.
ප.ලි. සුනිල් එදිරිසිංහයන්ගේ අවසානයට
නිකුත් වූ ගී සරණිය වන “මල් වැහි පොඳ” හිරිකිතයක් නැතුව අහන්න පුඵවන් ගී සරණියක් බව කිව
යුතුයි. එහෙත් මාධ්‍ය වල තවම ප්‍රචාරය
වෙන්නේ එහි ඇති එකක් දෙකක් ගීත විතරද කියලත් හිතෙනව. එක අතකින් කළාකරුවෙක්ගේ වෙහෙස
මහන්සියට සීඩී තැටියක් විකුණ ගන්න එසේ ප්‍රචාරය නොවීමත් හොඳක් වෙයි. ඒ වගේම මෙම
ගීත උසස් මට්ටමින් ශ්‍රවණය කරන්න “මල් වැහි පොඳ” සීඩී තැටියක්ම මිළදී ගත යුතු බවද කිව යුතුය.
පදවැලෙන් යමක් කියවුණත් මියුසික් නම් මදි වගෙයි.
ReplyDeleteමට මේක දකිද්දි මතක්වෙන්නෙ අපි පොඩි කාලේ අහපු සින්දුවක්. හරියට වචන මතක නෑ. කිව්වෙ නම් නන්දා මාලනී. මියුසික් නම් මතක විදිහට රෝහණ වීරසිංහ ගෙ.
ReplyDelete"උතුරේ දරුවන් හිනැහෙන දවසට හිනැහෙමු අපි ලංකා
දකුණේ දරුවන් හිනැහෙන දවසට හිනැහෙමු අපි ලංකා"
එල් ටී ටී ඊ එක නන්දිකඩාල් කරල උතුරෙ මිනිස්සු අනාථ වෙලා ඉද්දි දකුණෙ කට්ටිය කිරිබත් කාපු වෙලාවෙ මට නිතරම මතක් වුනේ ඔය වචන ටික.පස්සෙ නන්දා මාලනියි රෝහණ වීරසිංහයි දෙන්නම දෑත් ශක්තිමත් කරන්ඩ එකතු වුනානෙ.
සුනිල් එදිරිසිංහත් ඒ වෙලාවෙ කොතනද හිටියෙ කියල නම් මට මතක නෑ. ඒත් සුනිල් එදිරිසිංහ කියන්නෙ මං කැමති ලංකාවෙ ගායකයො කීපදෙනාගෙන් කෙනෙක්. ඒ හඬ මාරයි. කොහොම උනත් ඔය කියන දේවල් කරන්ඩනන් අර සෙල්වම් වගේ ෆිල්ම් හද හද ඉඳලනම් බෑ.
ගීතයේ මොනවා ලියවුනත් ඒ විදිහේ ජාතික සමගියක් ඇතිවෙන ලකුණු පේන්න නැහැ. බහුතර කලාකරුවෝ තමන්ගේ බඩ වඩා ගැනීම පිණිස කරන වෑයමක් විතරයි තියෙන්නේ
ReplyDeleteසුනිල් එදිරිසිංහයන් නම් තව කුමට කතාද. හිත නිවන්න පුලුවන් හඬක්.
ReplyDeleteනන්දිකඩාල් පලාතේ ඉතුරු වෙච්චි උදවියත් ඒ කලපු දියේම ඔබන ප්‍රාර්ථනාව වෙනුවට මෙහෙව් ප්‍රාර්ථනාවත් කොච්චර අගේද?
ReplyDeleteමට මේක දැනෙන්නෑ බං. පේලි දෙකක් හැර.
ReplyDelete//සයිවර් කඩයක ඉඳගෙන දෙමළ සිංදුවක් අහන්න//
//අරියාලේ තුඩුව ළඟින් පරණ පාර අලුත් වෙන්න//
ඉතුරු ටික එදා ඉඳං ඇහෙන කොමන් කෑලි ටිකක්නෙ බං. චම්පික රනවකත් ඕවා කියනවා. මොකද මචං මේ එකක්වත් අද ඉන්න සිංහලයටවත් දෙමලටවත් ඓන්ද්‍රීය සම්බන්ධයක් නෑ. ඔය සේරම අතීතය ෆැන්ටසයිස් කරල හදාගත්තුවා.
දැං මචං පහුගියකාලෙ අපි කෙලගත්තෙ දුනු ඊතල වලින් නෙමේනෙ. මල්ටි බැරල්/ක්ලේමෝ/රොකට්...
දෙගොල්ලොම එතෙන්ට ගියානෙ. ඒ කියන්නෙ යුද්දෙ ගියේ අහසින්. පොලොව කුඩුපට්ටම් වෙලාම ගියා. දැන් කරන්න තියෙන්නෙ ආපහු ස්වභාවධර්මයට යනඑකද?
මේ බලපං අවුටා.....
//කලපු දියේ සඳ දියවෙනවා බලන්න//
//තුරු මඩලින් ඉර පායනවා//
//වැව වාගේ සෙනෙහස උතුරලා//
//අයියකච්චියේ ළිංවල පිරිසිදු පැන් පොඳක්//
//ගිනිගත් තල් කරටි//
//වැහිදිය අහුරක් හෙලන්න//
//දඵලන මනුස්සකම අතු ඉතිලා//
//කරුණා ගගූලක් ගලන්න//
මේ කතා කරන්නෙ මහපොලොව ගැන. අර කුඩුවෙච්චි එක ගැන. මෙතන අතීතකාමයට වඩා දෙයක් තියෙනවද කියහං. මට හිතෙන දෙයක් කියන්නං. උඹ අදටත් ගමේ හිටියනං මේ සින්දුවට මෙච්චර කැමති වෙන එකක් නෑ.
උඹ කියන දේ ඇත්තක් තියෙනව තමයි.
ReplyDeleteඅපිට ආයෙත් අතීතයට යන්න බැරි බව ඇත්ත. ඒත් අර අතීතකාමී පදරුත් අපේ කාව්‍ය හා ගීත සම්ප්‍රදායෙ තවම ඉහළින්ම භාවිතයට ගැනෙන ඒව. අපේ මිනිස්සුන්ගෙ හැඟීම් පරාසය තියෙන්නෙ තවම එවැනි උපමාරූපක තුළයි. ඉතින් යුද්දෙන් දැවිල වැනසුණ පොළොව නැවතත් යථා තත්වයට පත්වීම ගැන සිහිනය සාම්ප්‍රදායික උපමාරූපක හරහාම රචකයා දකිනව. මොකද මචං සාමයට වගේම ගීතයටත් මාර්කට් එකක් ලැබෙන්න(මූල්‍යමය මාර්කට් එක විතරක් නෙවෙයි) නම් අතීතකාමී වුණත් ජනප්‍රිය මාදිලිය භාවිතයට ගන්න වෙනව. නැත්නම් බහුතරය තුළට ගලා යන්න අමාරු වෙනව.
සම්භාව්‍ය මට්ටමින් අද මේ තියෙන තත්වය යථාවත් කරන්න පුඵවන් කියල ඔයා විශ්වාස කරනවද. මම හිතන්නෙ නෑ. ඒක මම හිතන්නෙ කලාකාරයෙක් විදියට හඳගම වගේ අය උත්සාහයෙන් පසුව අත්හැරැල දැම්ම. ඒ අර්ථයෙන් ඔහුගෙ චන්දකින්නරී වගේ චිත්‍රපටයක් කතා කරන්න හදනව ජනප්‍රිය මාදිලියෙන් තොරව ආත්මයටම සමාජ සංකීර්ණතා පීඩනයන් ගැන. ඒත් ඒක බලපු මිනිස්සු කිව්වෙ මූට පිස්සු කියල. ඒකට මාර්කට් එකක් නෑ. ඒත් ඒ දේම සෝමරත්න දිසානායක වගේ අය ජනප්‍රිය මාදිලියෙන් හරි තැනටම ගහල දානව. වැඩි මිනිස්සුන්ට දැනෙන.
ඉතින් මේ තියෙන මට්ටමේදී සුනිල්ලගෙන් මීට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්නෙ බෑ, මොකද ඔවුන් දන්නෙ මේ විදිය විතරක් නිසා.
හඳගම අනාගත්ත තැන වෙනස්. මේ වෙන වැඩක්. මම කියන්නෙ මේ ගීතයෙන් මොකුත්ම වෙන්නෑ කියන එක. අනික මේ තමයි ඔය ඛේදවාචකය ගැන කතා කරන්න පුලුවන් සනීපම තැන. ඉස්සර මෙහෙමයි. ඒකාලෙ මාර ආතල්. ආපහු එතෙන්ට යන්ඩ පුලුවන්නං හොදයි කියන එක. කවුරුවත් එපා කියන්නෑ.
ReplyDeleteහැබැයි එතෙන්ට යන්ඩනම් දෙමලුන්ට සාධාරන අයිතිවාසිකම් දෙන්ඩ වෙනව කියල කවුරුහරි ලිව්වොත් සුනිල් එදිරිසිංහ ඒක ගයයිද?
කොහොමත් අර ජනප්‍රිය 'අයිය' කිව්ව වගේ මේ කරන්නෙ දේශපාලනය සෞන්දර්යකරණය කිරීම. විඳල නිකං ඉන්න පුලුවන්. කපුගේගෙ උතුරු කොනේ ගනිංකො. ඒකත් මෙහෙමයි. හැබැයි කල්ලඩි පාලම, නැත්තං නන්දගෙ රෑට රැයේ ( http://reargate.blogspot.com/2010/06/blog-post.html ) බලපංකො. අපිව හැප්පෙනවා. මම කියන්නෙ ඒක තමයි සාධනීය.
මම ගෙස් කරනවා මේ සින්දුව ඔය ඇල්බම්එකට ආවෙ මෙහෙම කියල.
සුනිල් - ගයා.... මගෙ අලුත් ඇල්බම් එකට මේ යුද්දෙ ගැන එකක්....
ගයා - ආ.. ලියපු එකක් තිබුනා සුනිල් අයියා..මං...
අනික අර ජනප්‍රිය මාදිලි කතාව. මේක කොහොමත්ම ජනප්‍රිය මාදිලිය නෙමේ මචං. ජනප්‍රිය එක 'රම්බරී'.
@චාර්මි
ReplyDeleteසිංදු පවා අද වෙද්දි රාජ උදහසට ලක්වෙන හැටි දැක්කනෙ පහුගිය කාලෙ. දැන් වෙද්දි කෙළින්ම විවේචනාත්මක සමාජ කථිකාවකට යන්න අමාරු වෙලා කලාවට පවා. එක්කො තහනම් කරනව. නැත්නම් දේශප්‍රේමියෝ සෙට් එක යුද්ධ ප්‍රකාශ කරනව. දශක දෙකකට විතර කළිනුත් මේ තත්වෙ තිබුණ. නන්දා මාලිනීලට ඒ කාලෙ තිබුණෙ තහනම විතරයි. දේශප්‍රේමී බැටෑලියන් වලින් ප්‍රහාර එල්ල වුණේ නෑ.
තවම මේ වගේ දේකින් ඇරෙන්න ගැඹුරකට යන්න පුඵවන් තත්වයක් නෑ කියල මට හිතෙන්නෙ. කවුරුත් ජීවිතේටත්, තමන්ගෙ අනන්‍යතාවයටත් ආදරෙයි. ඉතින් මතුපිටට විතරක් කතා කරන්න මේ සමය කවුරුත් යොදා ගන්නව වගේ නේද පේන්නෙ. එසේම සුනිල් එදිරිසිංහයන්ගෙ අතීත නිර්මාණ තුළ පවා එහෙම ගැඹුරට ගිය සමාජ විවේචනයක් තිබුණෙ නෑ ඇත්තටම. ඔහු ගොඩක් වෙලාවට ගායනා කරල තියෙන්නෙ බුද්ධියට වඩා හැඟීම් වලටයි. ඒක ඔහුගෙ මට්ටම විය හැකියි.
ඒත් සාමය ගැන කලාකරුවෙක් සම්ප්‍රදාය ඔස්සේ හෝ කතා කරනවනම් මම කැමැතියි. දේශපාලන විසඳුම් කෙසේ වෙතත් පළමුව ගොඩක් මිනිස්සුන්ගෙ හිත්වල තියෙන කුණු කසල ඉවත් විය යුතු වෙනව. නැත්නම් ඒ සාමය ස්වභාවික වෙන්නෙ නෑ. දැන් මේ පවතින විදියෙන් වෙනස් වෙන එකක් නෑ.
ඒත් උඹ කියන දේ ඇත්ත කියන එක මට වැටහෙනව.