(එච්.ඒ. කරුණාරත්න කලාකරුවා සමඟ කේ.ඩබ්. ජනරංජන කල කතාබහක්)
ලංකාවේ චිත්‍ර කලාවට වියුක්ත ප්‍රකාශන ආර හෙවත් ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට් ප්‍රවණතාවක් ලෙස හඳන්වා දුන් පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ඔබ. ආපස්සට හැරී බලන විට ඒ ගැන මොකක්ද හිතන්නේ?
ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට් කියන්නේ ඇත්තක් ප්‍රකාශ කරන්න හදන අවස්ථාවක්. ඇත්ත ප්‍රකාශ කරන්න බැහැ දවසකින් දෙකකින්. මුළු ජීවිත කාලයේම පළපුරුද්දක් තියෙන්න ඕනෑ ඇත්ත හොයාගෙන යන්න. ඒ වගේම ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට් කියන්නේ කෙනෙකුට ඇහෙන් බලලා රසවිඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇහැ හරහා මනසට යන්න ඕනෑ. මනසින් රස විඳින්න ඕනෑ. ඇහින් දකිනවා කියන එකයි, මනසින් දකිනවා කියන එකයි පරස්පර විරෝධියි. ඇහින් විතරක් දකින, එතැනින් නතරවෙන පුද්ගලයාට ප්‍රශ්න තියෙනවා. මේ මොකක්ද, මොකක්ද මේකෙ තේරුම, කතාව මොකක්ද යනාදී ප්‍රශ්න ඔහුට තියෙනවා. කලාව කියන්නේ ප්‍රශ්න අහන එකක් නෙමෙයි. වින්දනයක් ලබන දෙයක්. වින්දනයක් ලබන්න නම් ඇහැ පරයා මනසට යන්න ඕනෑ. ඇහෙන් දකින ප්‍රද්ගලයාට සාමාන්‍ය ද්‍රව්‍යමය දෙයක වර්ණයක් පෙනෙන්නේ නැහැ. මේ ළඟ තියෙන පුටුව ගැන බලන්නකෝ. ඇහෙන් දකින පුද්ගලයාට මේකෙ වර්ණයක් නැහැ. එයාට ඕනෑ නම් ලැකර් ටින් එකක් අරන් ඇවිත් මේකෙ නිල්පාට, රතුපාට, කොලපාට ගෑ හැකියි. ඒකට හේතුව එයා ඇහැ පමණක් පාවිච්චි කරන නිසා. නමුත් මනස පාවිච්චි කරන පුද්ගලයාට මේකම තමයි රස.
ගඟක් අද්දරට ගියොත් අපට පෙනෙනවා, රැලි නැගෙනවා, කුඩා ගල් කැබලි වතුර පාරට පෙරලි පෙරලි යනවා. සාමාන්‍ය පුද්ගලයෙක් ගිහින් මේ ගල් කැබැල්ලක් ගන්නවා ඇහෙන් දැකලා. තවත් පුද්ගලයෙකු ඒ ගලම ගන්නවා. එයා ඒකත් එක්ක සංවාදයක යෙදෙනවා. කතාවක් නැතිවම පැත්ත හරව හරවා බලමින් වින්දනයක් ලබනවා. එයාගෙන් ඇහුවොත් මොකද්ද ඔය කරන්නේ කියලා, දෙන්න උත්තරයකුත් නැහැ. විස්තර කරන්නත් බැහැ. තම තම නැණ පමණින් තමයි දැනගන්න ඕනෑ. ඒ තමයි අර වින්දනය. රසය විඳිනවා කියන්නේ ඒකයි.
ඔබ කියන ආකාරයේ රසවත්වීමක් සඳහා රසිකයාත් දියුණු කරන ලද මනසක් සහිත විය යුතුයි....?
ඒක ඇත්ත වශයෙන්ම ලබාගත යුතු දෙයක්.නිර්මාණ කාරයන්ට දෙන්න පුළුවන් දෙයක් නොවෙයි. එයා ලබපු අත්දැකීම් අනුව, එයා ඉන්න ස්ථානය අනුව තමයි එයාගෙ රසවින්දන මට්ටම තීරණය වෙන්නෙ.
නිර්මාණකාරයෙකු තම නිර්මාණය රසවත් කිරීමට ගන්නා උත්සාහය ඔබට පෙනෙන්නේ කොහොමද?
මේක මහ කන්දක් නගිනවා වගේ වැඩක්. කන්ද නගිනකොට අතරමැදදී තියෙන ගහකොලං, සත්තු, දියපහරවල් වගේ ඔක්කොම ජාති ළඟින් පෙනෙනවා. ඒත් ක්‍රම ක්‍රමයෙන් උඩට නගිනකොට ඒවා වෙන් වෙන් වශයෙන් පෙනෙන්නේ නැතිව යනවා. අපෙන් ඈත් වෙනවා. එතැන් සිට සමස්තයයි පෙනෙන්නට පටන්ගන්නේ. මුළු විශ්වයම එකක් හැටියටයි පෙනෙන්න පටන් ගන්නේ. ඒක තමයි සරළවීම කියන්නේ. සරළ වීම ශ්‍රේෂ්ඨයි. නමුත් ශ්‍රේෂ්ඨත්වය සරළ දෙයක් නෙවෙයි. වර්ඩ්ස්වර්ත් කියා තිබෙනවා, ස්වභාව ධර්මය ඔබේ ගුරුවරයාය කියලා. අපි එය අමතක නොකල යුතුයි.
සාමාන්‍යයෙන් පින්තූරයක් දිහා බලලා කෙනෙක් මොකක්ද කියලා අහනවා. ඒත් අපි මලක් දිහා බලලා අහනවද මේකෙ තේරුම මොකක්ද, මේකෙ පාට ඇයිද කියලා. අපි කරන්නේ වින්දනයක් ලබන එක. ගඟක පෙණ නැගෙනකොට, තිත්ත පැටව් නටනකොට අපි අහන්නෙ නැහැ තේරුම මොකක්ද කියලා. වින්දනයක් පමණයි ලබන්නේ. වින්දනය එක එක්කෙනා විවිධ මට්ටමින් කරන්නේ. හොඳ වින්දනයක් සඳහා දීර්ඝ ගමණක් ඇවිත් තියෙන්න ඔනෑ. රසවින්දනය ලබන පුද්ගලයාටත් අපි වගේම දීර්ඝ ගමණක් යන්න තියෙනවා. ගලක් උඩ එකපාරක් දෙපාරක් ඇවිද්දාම පාරක් හිටින්නේ නැහැ. ඒත් සෑහෙන පාරක් ආවා ගියාම පාරක් සටහන් වෙනවා. ඉතින් ඒක උත්සාහය පිළිබඳ කාරණයක්.
ලෝකයේ නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් නිර්මාණ කරනවා විතරක් නෙවෙයි.තමන්ගේ නිර්මාණ වෙනුවෙන් වාචිකවත් පෙනී සිටිමින් ඒ ගැන කියනවා. ලියනවා. මෙතැනදී ඔබ අදහස් කරන්නේ එවැනි පෙනීසිටීමක් අවශ්‍ය නැහැ කියලද?
මම නම් ඇත්ත වශයෙන්ම කියන්නේ නිර්මාණයකට නමක් දාන්න ඕනෑත් නැහැ. මොකද අපි නිදහසේ අඳිනවානම් රසවිඳින පුද්ගලයාටත් නිදහසේ රසවිඳිය හැකි විය යුතුයි. සීගිරි ගලේ නිර්මාණ කල පුද්ගලයාට, සමාධි පිළිමය කල පුද්ගලයාට ඕන නම් ලියන්න තිබුණා මේ අහවල් නිර්මාණයයි, මගේ නම මේකයි කියලා. ඒත් එහෙම දෙයක් කරලා නැති නිසා, අපි කොච්චර ඒ නිර්මාණවල රසය විඳිනවද? නිර්මාණකරු සොයායාමත් කලාවේ එක්තරා රසයක්. ඒක හරි අමාරු ක්‍රියාවක්.
අපි චිත්‍ර අඳින්නේ කාටවත් පෙන්නන්න නෙවෙයි. මම අදින්නේ මටම රසවින්දනයක් ලබා ගන්නයි. මම හොඳට කෑමක් හැදුවොත් අනික් අයත් රසයි කියාවි. හදන වෙලාවෙ ඒක තිත්ත වෙන්න පුළුවන්. ඒත් ටිකක් කනකොට ඒ තිත්ත රසය පහවෙලා යන්නට පුළුවන්. කලාකාරයෙක් පින්සල්, පැන්සල් අරන් කරන්නේ මැජික් පෙන්වීමක් නෙවෙයි. කිසියම් වින්දනයක් ලබා දීමයි කරන්නේ. තමන්ටම තමයි එහි ප්‍රතිඵලය අත්වන්නේ.
ඔබ කැන්වසය ඉස්සරහට යන්නේ නිර්මාණය ගැන දළ අදහසක් ඇතිවද? නැතිනම් කැන්වසය මත වැඩකිරීම හරහාද මුළුමණින්ම නිර්මාණය ආරම්භ වී ගොඩනැගෙන්නේ?
අදහස කියන එක තමා ලබපු අත්දැකීම් සම්භාරයෙනුයි එන්නේ. ස්කෙච් ගහගෙන, කතාවක් ලියාගෙන ඇවිත් මේක කරන්න බැහැ. නිර්මාණය කියන එක ක්ෂණිකව එන දෙයක්. හදවතිනුයි එය එන්නට ඕනෑ. හරියට විදුලි කොටනවා වගේ. පොඩි ලමයෙක් හිනා වෙනකොට අපි වශී වෙනවනේ. ඒක ක්ෂණිකව හදවතින් එන බව අපි දන්න නිසා. එයා අභ්‍යාසය ආරම්භ කරන නැවුම් තැනයි ඒ. එතනදි හරිම පිරිසිදුයි. ඇත්තයි ප්‍රකාශ කරන්නේ.
චිත්‍ර ඇතුළු හැම නිර්මාණයක්මත් එහෙමයි. කල්තියා ප්ලෑන් කරලා, අහවල්ලු පිළිගත්තා කියලා, ඒකට වහල්වෙලා නිර්මාණ කරන්න බැහැ. ඒ වගේම ඒකට තමන් ළඟ ශක්ති සමුදායක් තියෙන්නට අවශ්‍යයි. අපි ලණුවක් ඇදලා, අනිත් අය පනින නිසා මටත් පනින්න පුළුවන් කියලා හිතුවාට පනින්න බැහැනේ. ඒකට පළපුරුදුකම් සම්භාරයක් තිබිය යුතුයි.
ඒක ආධ්‍යාත්මිකව අරගෙන එන දෙයක්ද? පුද්ගලයෙකුට ආභාෂය හරහ වඩාගත හැකි දෙයක්ද?
ඒක ඇතුළතින් ගොඩනැගෙන දෙයක්. දවසකින් දෙකකින් එය ගොඩනැගෙන්නේ නැහැ. මනස හරහා අභ්‍යාසයෙන් තමයි ඒ පළපුරුද්ද ගොඩනැගෙන්නේ. බුද්ධත්වයට පත්වෙනවා කියන්නේ මනස ඉහලම තැනට ගෙනයෑමයි. මම ළඟදී දඹදිව ගිහින් සියළු වන්දනීය ස්ථාන බැලුවා. ඒවා බැලුවාම අමුතුම හැඟීමක් එන්නේ.
(2011 නොවැම්බර් 27 දින රාවය පුවත්පතේ පළවූ ලිපියකින් උපුටාගත් කොටසකි)
"මම නම් ඇත්ත වශයෙන්ම කියන්නේ නිර්මාණයකට නමක් දාන්න ඕනෑත් නැහැ. මොකද අපි නිදහසේ අඳිනවානම් රසවිඳින පුද්ගලයාටත් නිදහසේ රසවිඳිය හැකි විය යුතුයි. සීගිරි ගලේ නිර්මාණ කල පුද්ගලයාට, සමාධි පිළිමය කල පුද්ගලයාට ඕන නම් ලියන්න තිබුණා මේ අහවල් නිර්මාණයයි, මගේ නම මේකයි කියලා. ඒත් එහෙම දෙයක් කරලා නැති නිසා, අපි කොච්චර ඒ නිර්මාණවල රසය විඳිනවද? නිර්මාණකරු සොයායාමත් කලාවේ එක්තරා රසයක්. ඒක හරි අමාරු ක්‍රියාවක්."
ReplyDeleteමේ ටිකනම් හැබෑම කතාවක් තමයි. ඒව කරපු පුද්ගලයො කවුරු වුණත් ඒ පුද්ගලයො ඉස්මතු වෙන්න උත්සාහ කරල නැති නිසා අපිට පුඵවන් නිර්මාණකරුවගෙ ගැඹුර හොයන්න. කොටින්ම කියනවනම් ශරීරය නෙවෙයි නිර්මාණකරුවගෙ ආත්මය හොයන්න. එය රැඳුණු තැන හොයන්න. මේක අහවලා විසින් නිර්මාණය කළා කියල ලියල තිබුණනම් රසවින්ඳනයට ලොකු ගැඹුරක් තියෙන එකක් නෑ.
(ඒත් දැන් කාලෙනම් නිර්මාණෙටත් කළින් බෝර්ඩ් එකක් ගහනව අරයගෙ අනුග්‍රහයෙන් මෙයා විසින් නිර්මාණය කරන්න යෝජිත අහවල් එක කියල.)
අවුටා කියල තියන දේට මාත් එකඟයි. මේ සංවාදයේම කියල තියන විදිහට යම් නිර්මාණයක් කරන කෙනෙක් ඒක රසවිඳිනවනම්, නිර්මාණකාර්යම රස විඳිමක් නම්, එතනින් එහාට ඒක කරපු මනුස්සයාට දෙයක් නෑ. ලේබල් ගහගෙන ඉන්ඩ ඕනෙත් නෑ.
ReplyDeleteමේක් කියවද්දි හැමදාම තියෙන ප්‍රශ්නයක් ඔලුවට ආවා. මොකද්ද රසවින්දනය කියන්නෙ. විනෝදය, වින්දනය රසවත්බව මොනවද මේ? මේකෙන් ඒකට පොඩි උත්ටරයක් හම්බවුනා.
" එයා ඒකත් එක්ක සංවාදයක යෙදෙනවා. කතාවක් නැතිවම පැත්ත හරව හරවා බලමින් වින්දනයක් ලබනවා. එයාගෙන් ඇහුවොත් මොකද්ද ඔය කරන්නේ කියලා, දෙන්න උත්තරයකුත් නැහැ. විස්තර කරන්නත් බැහැ. තම තම නැණ පමණින් තමයි දැනගන්න ඕනෑ. ඒ තමයි අර වින්දනය. රසය විඳිනවා කියන්නේ ඒකයි."
නිර්මාණයක් රසවත්ද කියල අහද්දි මට ප්‍රශ්න ගොඩක් එනව. උදාහරණයකට ගත්තොත් බලල හෝල් එකෙන් එළියට එද්දි සමහරු වමනෙ දාන වර්ගයෙ Gasper Noe (irreversible, Enter the void) ගෙ චිත්තරපටි රසවත්ද? ඒත් ඇයි අපි ඒවට කැමති? සංවාදයක් කරන නිසාද? අපිව කවදාවත් නොගෙනිච්ච තැනකට අරන් යන ජර්නි එකක් (එහෙම නැත්තන් හරියට නිකන් රෝලර් කෝස්ටර් එකේ යන ගමනක් වගේ) නිසාද?
ඕකෙ ඉතිහාසය මේකයි. මගේ යාලු දෘශ්‍යකලාකාර පොරක් ඉන්නවා. පොර කරන්නෙම ඇනයි යකඩකෑලියි ලී කෑලියි රෙදි කෑලියි අරං එක එක බහුබූත හදන එක. එක්සිබිෂනුත් තියනවා. ඇත්තටම මට ඕකෙ මෙලෝ රහක් නෑ. ඉතිං පොරගෙ අප්සෙට්එක හොය හොයා ඉන්නකොට තමයි මේක කියවන්ඩ ලැබුනේ. යකෝ බැලින්නම් අප්සෙට්එක මගේ..... ඔහෙ ගියාවෙ.
ReplyDeleteඔය රසවින්දනය කියන එක අපි ගොඩක් අයට හරිම අඩුවෙන් තියෙන්නෙ විශේෂයෙන්ම චිත්‍ර, මූර්ති වගේ දේවල් සම්බන්ධයෙන්නම්. ඇත්තම කියනවනම් මට මේ වගේ ගොඩක් අපබ්‍රංස චිත්‍ර වගේ ඒවගෙන් දැනෙන රසවින්දනය හරිම අඩුයි. ඒක මනස හරහා දීර්ඝ කාලයක් උගත යුතු දෙයක් කියලනෙ එච්.ඒ. කරුණාරත්න මහත්මයත් කියල තියෙන්නෙ. මේ මැටි ගතිය යන්න තව ජීවිත දෙක තුනක්වත් යයි.
ReplyDeleteචමිල කිව්ව Gasper Noe ගෙ චිත්‍රපට බලල නෑ. ලැබුණු ඔත්තුව නිසා එකක් හරි බලන්න ඕනි බාගෙන.
රසවිඳීමේ පොදු අවුල තමයි නිර්මාණය මගින් පරිසමාප්ත වෙන්න ට්‍රයි කරන එක. නමුත් ඒක කවදාවත් වෙන්නෙ නෑ. ඒ හැඟීමත් එක්ක හිත ගණුදෙනු කරන්නෙ අමුතුවට. හරියට කවදාවත් දැනගන්න නොලැබෙන දෙයක් ගැන දැනගන්න තියෙන උවමනාව වගේ එකක්. හරියට චිත්‍රපටියක් බලල ඒකෙන් කියන දේ හරියට තේරුණෙ නැති වුණාම දැණෙනව වගේ.
ReplyDeleteහොඳ නිර්මාණයක් කියල ගන්න පුළුවන් දේ ඇත්තටම අපි දන්න වචන වලින් තේරුම්ගන්න පුළුවන් වුණොත් ඒකෙ ගතියක් නෑ. හොඳ නිර්මාණයක් විසින් අපි දන්න සීමාවෙන් එලියට අපිව අරගෙන යන තරමට තමයි අපට ඒකෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්. මොකද අපි දන්න සීමාවෙන් පිට තියෙන දේවල් අපට අළුත්. ඉතිං ඒ ඉසව්වෙ තියෙන දේකින් අපි ලබන්නෙ අළුත්ම තැනකට ට්‍රිප් එකක් ගියාම දැණෙනව වගේ හැඟීමක්.
නමුත් ඔය සීමාවෙන් ගැලවෙන එක කරන්න අමාරු වැඩක් සහ එකිනෙකා පුරුදු පුහුණු කරගත්තු මට්ටම් වලින් හැමෝම ඔය සීමාව පනිනවා. ඒ පැනිල්ලෙ තරම අනුව සමහරුන්ට හොඳ නිර්මාණ සමහරුන්ට චාටර් වෙනවා.
නමුත් නිර්මාණය ව්‍යාපාරයක් වෙද්දි ඔය පැනිලි ඒ තරම් අමාරු නැති පොඩි අරයකයි නිර්මාණය පවතින්නෙ. මොකද බහුතරයකට අහුවෙන සීමාව ඒක නිසා...
රසවින්දනය සම්බන්ධව මම බලපු හොඳ චිත්‍රපටියක් තමයි Mona Lisa Smile. ඒක ජුලියා ඉන්න මහලොකු කතාවක් නොවන චිත්‍රපටියක්. ඒ වගේම මම කැමති එකක් Pollock. ඒක චිත්‍ර ශිල්පියෙක් ගැන කතාවක්.
චමිල කියන irreversible බලල මම විනාශ වුණා. ඒකෙන් මගෙ ඇතුලෙ කෑල්ලක් කැඩුණා වගේ වුණා. සතියක් විතර යනකල් මම හිටියෙ ඒකෙන් ගැලවෙන්න බැරිව. කොටින්ම මට ඒකෙ හිටපු නළුවව පේන්න බැරි වුණා. නමුත් උඹ කියපු නිසා Enter the void දැන් බෑවෙමින්.